Ruthi5star POS

Aala Gee Lyrics – CHAMEL

හීන ගේන රෑක අහසේ
ඈත යාවෙනා
නුඹේ ආල දෑස මානේ
මටම නොකියනා
කාරනා ඉබේම ආයේ
තාම හොයනවා
අහිමි දෑත හා සැඳෑවේ
කඳුලු මැවෙනවා
නොදැක මා ලයේ වේදනා
අහිමි දෑත මානේ දිවුරනා
නුඹ කීව පෙම් කතා එදා
අද මේ පැයේ වී මුලා
නුඹම මාගේ තුරුලටම වෙලා
දකින හීන සේම රෑ පුරා
මතක ගේන ඒ රිදුම් පවා
දෙහදෙ ආල ගී අවසන් කලා
පාරණා කාරණා
දී රිදුම් රෑ පුරා
නුඹ වෙලා ආකහේ
සඳ නිවී පායනා
රූ සරේ දැවටිලා
සිතුවමක් කී කතා
මා ලයේ වේදනා
කඳුලු මල් ගුලි කලා
නුඹ ආයෙ ආයෙ නේන පාලු මාවතේ සරා
පැතු හීන ඈත යාවි දෑත මාගෙන් ගිලිහිලා
නොදැක මා ලයේ වේදනා
අහිමි දෑත මානේ දිවුරනා
නුඹ කීව පෙම් කතා එදා
අද මේ පැයේ වී මුලා
නුඹම මාගේ තුරුලටම වෙලා
දකින හීන සේම රෑ පුරා
මතක ගේන ඒ රිදුම් පවා
දෙහදෙ ආල ගී අවසන් කලා
Aala Gee Lyrics

Aala Gee Lyrics

Song: Aala Gee
Voice: CHAMEL
Lyrics: Avin Bandara
Music: CHAMEL

Scroll to Top