යන්න ගිය දා අවුලවා ගිය ආදරේ ගින්න
දන්නවා නම් නිවන විදිහත් කියා දී යන්න
දෙන්න බැරි නම් දුන්න තරමට එපා සෙනෙහස ගන්න
බින්න හිතකට මතකයක් වී ඔබ දුරින් ඉන්න
සිනා සෙන්නෙමි දරා ගෙන මුත් ඇතුල් හිත යට රිදුම
ඒ රිදුම් සුව වෙන්නෙ නැති වෙයි නිවන් දකිනා තුරුම
ආදරී ඔබ දන්නෙ නෑ මං ආදරේ කල තරම
කපා බිම හෙලු පසුත් මල් පුබුදනා ගසකිය පුදුම
චන්ද කින්නර කතාවේ එන කින්නරී වගෙ ගැහැණියක්
මන්ද මට නොලැබුණේ සිතුනා ඒක දුක්බර හීනයක්
ඇන්ද සළු පිළි තාම සුවඳයි ඔබ ගිහින් බෝ කාලයක්
කන්ද වගෙ මම දරා ගන්නම් යන්න දීමත් ප්‍රේමයක්
Song: Yanna Giya Da
Voice: Mihindu Ariyaratne
Lyrics: Narada Wijesuriya
Music: Mihindu Ariyaratne & Isuru Wickramanayaka




