ගජ ලීලාවේ
මයෙ දෙයියා
කිරි සයුරෙන් ආ – සිහිල් පැනින් නා
සොඬින් පියුම් දරා – ගමන් යනා
සම රන් සේමා – ඉන්ද්ර ගමන් යනා
දික් ගජ ලීලා
ගෝමර පා
ලියතඹරාවේ මල් – ගෙල පැලඳූවේ මං
රන් දෝලාවේ යන්නට – පිං ඕනේ බං
ගැමි ලලනාවේ – රන්
රුව දිලුනාවේ – කහ
මල් හැලුනාවේ පාමුල
උඹෙ නමට බං
හේවිසි නාදේ කන් – ඇසෙනා මානේ නං
කැප නෑ මාගේ යන්නට – දෙපා වලට නං
උපොසතනාමේ ගෙන
කරඩු දරා රන් සිවිගෙය
පිනේ බරට සාධු නාදේ
උඹෙ උරුමෙ බං
Song: Gaja Leela
Voice: Anjalee Bandara
Lyrics: Anjalee Bandara
Music: Sandaru Sathsara



